මේ ලිපියෙන් අපි සාකච්චා කරන්නෙ Power BI Workspace කියන්නෙ මොකක්ද? ඒකෙන් කරන්න පුලුවන් කාර්‍ය්යන් ගැන.
Workplace එකකදි එකම ආයතනයක පිරිසක් නැත්නම් යම් කන්ඩායමකට පුලුවන් විශේෂ දත්ත set එකකට තමන්ගෙ දායකත්වය දෙන්න. Power BI Designer කෙනෙක්ට පුලුවන් තමන් නිර්මාණය කරන workspace එක පාවිච්චි වෙන්නෙ dashboards හා reports collection එකක් stakeholdersලා අතර share කරගන්න. තවත් විශේෂ workplace වර්ගයක් තියෙනවා template apps කියලා. Designer තමන් හදන dashboards හා reports, collection එකක් විදියට තමන්ගෙ ආයතනය එක්ක නැත්නම් තමන්ගෙ team එකත් එක්ක share කරගන්න එක තමයි මේ නමින් හදුන්වන්නෙ.
Workspaces වර්ග
Power BI වල Workspaces වර්ග කිහිපයක් තිබෙනවා.
- My Workspace කියන්නෙ ඕනැම කෙනෙක්ට හම්බෙන personal sandbox environment එකක්. ඔබට අයිති හා ඔබ හදපු සියලුම content තිබෙන්නෙ මේ environment එකේ.
- Power BI Business user කෙනෙක්ගෙ මේ environment එක හිස්, නැත්නම් empty. මේකට හේතුව වෙන්නෙ Business user කෙනෙක් content නිර්මාණය කරන්නෙ නැහැ. ඒවා භාවිතයෙන් තීරණ ගන්නවා විතරයි.
- අපි කලින් කියපු apps, template apps මේ ගොඩට වැටෙනවා. Designer හදන apps වල Dashboards, Reports හෝ Semantic Models කියන්න සියල්ලම හෝ කිහිපයක් තියෙන්න පුලුවන්. Business User කෙනෙක් එක්ක share වෙන apps වල semantic models නැහැ.
Workplace Permissions
Workplace Permissions ප්‍රධාන වර්ග 4කට දාගන්න පුලුවන්, Viewer, Member, Contributor, හෝ Admin විදියට. දත්ත වලට හානියක් වෙන්න පුලුවන් අවස්ථාවකදි Viewer permisson එකක් දෙන එක තමයි හොදම සහ පහසුම විදිය.
Licensing
Workplace එකේ ගොඩක් sharing features support කරන්නේ Power BI pro හෝ Premium Per User (PPU) license තියෙන අයට. ඒ වගේම ඔබේ content තියෙන්නෙ pro licensing account එකක නෙමෙයිනම් free account එකක් භාවිතා business user කෙනෙක්ට මේ content display වෙන්නැති වෙන්නත් පුලුවනි.
Power BI workspaces ගැන ඔබේ අත්දැකීමත් අපි එක්ක share කරගන්න. මීලග ලිපියෙන් නැවත හමුවෙමු. 😌
