Automate Your Workflows: Power Automate හැදින්වීම – 1 කොටස

Automate Your Workflows: Power Automate හැදින්වීම - 1 කොටස

ඔබ Microsoft Power Platform එකේ උනන්දුවක් දක්වන කෙනෙකු නම්, Power Automate කියන්නෙත් ඒකේ කොටසක්. මේකෙන් ඔයාලට හැම දවසෙම කරන boring වැඩ automate කරන්න පුළුවන්. උදාහරණයක් කියනව නම්:

  • ඔබට Email එකක් ආවම එය Teams එකට alert එකක් විදිහට යවන්න.
  • Excel එකක් update වෙන්නෙත් Auto way එකෙන්.
  • PDFs download වෙලා OneDrive එකට auto save වීම.

ඒවගේම social media post එකක් schedule කරලා auto publish වීමත් එක්ක දැන් වැඩේ luxury එකක් වෙනවා. 😌


Power Automate කියන්නේ මොකද්ද?

Power Automate (පැරණි නම: Microsoft Flow) කියන්නේ Microsoft විසින් දියත් කරපු workflow automation tool එකක්. මෙය Cloud-based system එකක්, ඒ නිසා software install කරන්න අවශ්‍ය නැහැ.

ඔබට Triggers (උදා: “email එකක් ආවම”) සහ Actions (උදා: “Excel එක update කරන්න”) යන දෙක සම්බන්ධ කරලා flow එකක් සාදාගන්න පුළුවන්.


මට මේකෙන් ලැබෙන වාසි මොනවාද?

  • වේලාව ඉතුරු වෙයි – වැරදි වීමට ඉඩ අඩුයි.
  • personal life එක improve වෙයි – reminders, notifications, birthday alerts වගේ දේවල් auto handle වෙනවා.
  • Workplace එකේ Productivity වැඩි වෙනවා – approvals, report generation, notifications automate කරන්න පුළුවන්.

කෙටි පියවර 5ක් – ඔබේ පළමු Power Automate Flow එක

  1. https://make.powerautomate.com වෙත පිවිසෙන්න.
  2. “Create” බොත්තම ක්ලික් කරන්න.
  3. Template එකක් තෝරගන්න (උදා: When a new email arrives – save attachment to OneDrive).
  4. Outlook, OneDrive වගේ services connect කරන්න.
  5. Flow එක save කරලා test කරන්න!

Bonus Ideas

  • Google Form එකක් submit වුනම Email එකක් යවන්න.
  • LinkedIn Inbox message එකක් ආවම Teams එකට Notify කරන්න.
  • RSS Feed එකක් update වුනම Facebook Page එකට Auto Share කරන්න.

Power Automate කියන්නෙ වැඩේ ලේසියි, හොඳටම use කරාම Productivity එක ගහලම යනවා! මේක ගොඩක් IT knowledge එකක් නැතුවත් හැමෝටම යන්න පුළුවන් tool එකක්.

ඔබත් අදම තෝරන්න Power Automate එක, වැඩෙට අලුත් හැඩයක් දෙන්න!

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *