Power Automate Part 2: ඔබේ පළමු Automated Flow එක සාදමු

ඔයාලට හිතුනද කවදාවත්, “මේක මට අතින්ම කරන්න වෙන එකයි වැඩේ” කියලා? හැමදාමම කරන්න වෙන boring task එකක් තියෙනවනම්, ඔයාලා වෙනුවෙන් ඒක Power Automate එකෙන් automate කර ගන්න පුළුවන්!

අද අපි බලනවෙ, ඔබේ පළමු automated flow එකක් කෙටි පියවර 5න් සෑදෙන්නෙ කොහොමද කියලා. මුළු process එකම පහසුයි – code එකක් ලියන්නත් නෑ!


පියවර 1: Power Automate වෙත පිවිසෙන්න

  1. https://make.powerautomate.com වෙත ගිහින් Microsoft Account එකෙන් login වෙන්න.
  2. එතැනින් Create බොත්තම ඔබන්න.
  3. “Automated cloud flow” කියන එක තෝරන්න – මෙය trigger එකකට අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන flow එකක්.

පියවර 2: Trigger එකක් තෝරන්න

Trigger එක කියන්නෙ, “මේකක් වෙද්දි flow එක පටන් ගන්න” කියන rule එකක්.

📌 උදාහරණයක්:
When a new email arrives in Outlook” කියන trigger එක තෝරන්න. මෙය නව email එකක් ලැබෙන විට flow එක ආරම්භ වේ.


පියවර 3: ක්‍රියාවක් (Action) එකතු කරන්න

Flow එක trigger උනට පස්සේ, ඔයාට කරන්න ඕනේ වැඩය තෝරන්න.

📌 උදාහරණයක්:
Send a Teams message” කියලා action එකක් තෝරලා, නව email එකක් ආවොත් Teams එකෙන් alert එකක් යවන්න.

ඔයාට “add an action” කියන බොත්තමෙන් ඕනම ක්‍රියාවක් තෝරා ගන්න පුළුවන්:

  • Email යවන්න
  • SharePoint list එකට entry එකක් දැමිය හැක
  • Excel sheet එකක් update කරන්න

පියවර 4: Test කර බලන්න

Flow එක සකස් කරාට පස්සේ, ඔයාලට ඒක test කරලා බලන්න පුළුවන්.

  1. “Save” කරන්න
  2. “Test” කියන option එක ඔබන්න
  3. Actual trigger එකක් simulate කරන්න (උදා: email එකක් යවන්න)

එතැනින් බලන්න flow එක ඔයාලගේ instruction අනුව ක්‍රියාකරනවද කියලා.


පියවර 5: එතැනින් ඔයාගේ imagination එක play වෙන තැනයි

ඔයාලගේ පළමු flow එක සාර්ථකව automate කරාම, ඒ අවුරුද්දේ වැඩියම කරපු repetitive task එකක් හරි, පහසුවෙන් manage කරන්න පුළුවන් වෙනව. ඒකෙන් ලැබෙන emotional relief එක දැනගන්නවද?


ඔබේ ජීවිතේ පොඩි automation එකක් හරි කරන්න, Power Automate හරියටම සුදුසුයි. ඔයාලගේ කාලය, energy, ඉතිරි කරගන්න එකම විදිහ තමයි – smart වීම!

දැන් ඉදිරියට මොනවා automate කරන්නද? Comments වලට කියන්න!
Power Automate Part 3 වලදී අපි බලමු Triggers & Actions ගැන ගැඹුරු පැහැදිලි කිරීමක් කතා කරන්න.

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *