Cleaner Power BI Report එකකට, Merge Queries හා Query Load Disabling

Power BI එක්ක වැඩ කරද්දි Data Model එක clean හා efficient පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේක කරන්න Power Query වල Merge Queries හා Disabling Query Load මගින් මේක පහසුවෙන් කරගන්න පුලුවන්.

Merge Queries කියන්නෙ මොකක්ද?

Power BI වල Merging Queries කියන්නෙ SQL වල JOIN function එක වගේම එකක්. මේ මගින් different queries හ‌ෝ tables එකට combine කරලා shared column එකක display කරන්න පුලුවන්. උදාහරණයක් විදියට,

Books query එක books list කරන්න Author ID එක පාවිච්චි කරනවා. Authors query එක authorsලාගේ details list කරන්න පාවිච්චි කරනවා. මේ දෙකටම පොදු column එකක් තමයි Author ID එක. මේ table එක BookDetails ලෙස නම් කරමු. මේ ක්‍රමය හරහා data visualizations ඉතා හොදින් බලාගන්න පුලුවන්කමක් තිබෙනවා.

Immediate Queries වල Disable Query Load කළ යුතු වන්නෙ ඇයි?

මේ විදියට merge කරලා අලුත් table එක හැදුවට පස්සෙ පරණ table දෙක තියාගන්න අවශ්‍යද? මේකට ඔව් හෝ නැහැ කියලා හරි පිළිතුරක් නැහැ. අපි කියන්නෙ සැමවිටම එය ඉවත් කළ යුතු නැහැ කියන දේ. අපි හිතමු මේ අවසන් final data model එකට අවශ්‍ය වෙන්නෙ නෑ කියලා Books හා Authors කියන query දෙක. අපිට ඒවා භාවිතා නොකර ඉන්න පුලුවන්. නමුත් ඒවා අවශ්‍යනම් add කරන්නත් පූලුවන්. අපිට අවශ්‍ය නැත්නම් Authors table එ‌කේ query load disable කරන්න පුලුවන්. මේ ක්‍රමය නිසා readability improve වෙනවා වගේම performance වැඩි වෙනවා. Cleaner හා focused report එකක් ලබා ගන්න පුලුවන් වෙනවා.

මේ වගේ තවත් ලිපියකින් නැවත හමුවෙමු.

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *